ජාතික කණ්ඩායමට සුදුස්සෙකු බව තේරීම් කමිටුවට පෙන්වමින් කඩුලු 1000 ක් සමගින් ‘ලසිත් මාලිංග’ගෙන් අද සුපිරි පන්දු යැවීමක් VIDEO

අන්තර් සමාජ පන්දුවාර 50 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ක‍්‍රිකට් සමාජය හා එන්සීසී කණ්ඩායම අතර තරගය මේ වන විට කොළඹදීපැවැත්වෙයිඑහිදී එන්සීසීකණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ක‍්‍රීඩා සමාජයට පන්දුවාර 46.1ක් තුළදී සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුනු 181ක් පමනි.

ආරම්භයේ සිටම කොළඹ පිතිකරුවන් අභියෝගයක් වූ සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග කොළඹ ප‍්‍රබල පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 15ක් තුළ ක‍්‍රීඩා ගාරයට යැවීමට සමත්වු අතර දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අශාන් ප‍්‍රියන්ජන් මාලිංගගේ දහස්වැනි (1000) කඩුල්ල ලෙස වාර්තා අතරට එක්විය.

එක් අන්තයට කඩුලු බිද වැටෙද්දී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කවීන් බණ්ඩාර එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් ලකුනු 77ක් රැස් කල අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ ලසිත් අබේරත්න ලකුනු 28ක් රැස් කළේය අවසන් භාගයේ පිටියට පැමිණි ලක්ෂාන් සදකැන් එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සමගින් ලකුනු 21ක් රැස් කිරීමට සමත්විය.

ජාතික කණ්ඩායමට සුදුස්සෙකු බව යළිත් වරක් සනාථ කරමින් අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ ලසිත් මාලිංග මෙම තරගයේ සුපිරිපන්දුයැවීමට නිරත වෙමින් පන්දුවාර 08ක් තුළ ලකුනු 24කට කඩුලූ 04ක් දවා ගැනීමට සමත්වු අතර ළහිරු කුමාර,ඇන්ජලෝ පෙරේරා හා චතුරංගද සිල්වා කඩුලූ 02 බැගින් බිද හෙළීය.

Comments

Popular posts from this blog

கோஹ்லி மற்றும் அனுஷ்காவுக்கு அழைப்பு விடுத்த இலங்கை அமைச்சர்

‘මිනිස්සු දන්නවා මම කවුද කියලා..මම කාගෙවත් පස්සෙන් යන්නේ නෑ’..සුරංග නුවන් ගැන කියමින් මාලිංග කියපු කතාව මෙන්න…

வாஷிங்டன் சுந்தர் மூலம் இன்று வென்ற இன்திய அனி நான்கு விகட்டுகளை பெற்றுள்ளார் இவர் VIDEO