‘‘ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන ලඟින්මයි අපේ උන් එක්ක බලද්දි ශිඛර් දවාන් කොච්චර හොඳද" ඊයේ මැච් එකට කලින් සිදුවුන දෙයක් ගැන ක්‍රිකට් ලෝලියෙකු කියයි..!

ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි හැම ක්‍රීඩාවක්ම ජය පරාජය සතුටින් බාරගන්න ඕන කියන පාඩම උගන්නවා.ඒ වගේම ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් අතර තියෙන බැඳීම ගැනත් පහුගිය දවස්වල ගොඩක් කතා වුනා ඒ වගේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් අතර තියෙන්න ඕන සම්බන්ධතාවය මොනවගේද කියන එක ගැනත් ක්‍රීඩාලෝලියෙක් අපූරුසටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා සුපිරි ඉන්දියානු පිතිකරු ශිකර් දවාන් ඊයේ තරඟය වෙලාවෙ කරපු දෙයක් උදාහරණයට ගනිමින් ඔහු ඒ ගැන කියලා තිබුනේ මේ විදියට.

මමත් ඊයේ තිබ්බ මැච් එක බලන්න ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගියා. මැච් එක පටන් ගන්නකම් නොඉවසිල්ලෙන් බලන් හිටියේ මොකද පින්න නිසා මැච් එක පටන් ගන්න පරක්කු වුන නිසා කෝමෙන් කෝම හරි ටොස් එක දාලා ඉන්දියාව බෝල් කරන්න ආපු වෙලාවෙ ඉඳන් ෆීල්ඩ් කරලා ඉවර වෙනකම් ඉන්දීය ආරම්භක පිතිකරු ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන ලඟින්මයි ප්‍රේක්ශකාගාරයේ හිටපු අපි ලංකාවට සපෝට් කරද්දි ශිඛර් දවාන් අපිත් එක්ක සුහදව හිනාවෙලා අත වැනුවේබොහොමලෙන්ගතුකමකින්බවතේරුණාකිසිදු ආඩම්බරකමක් නොමැතිව නිතරම හිනා වෙමින් අත වනමින් ප්‍රේක්ෂකාගාරය එක්ක සුහදව ඉන්න කලාව ඔහු මනාව ප්‍රගුණ කර තිබුනා.

තවත් එක උදාහරණයක් තමයි සුරංග ලක්මාල් පන්දුවේ මාර්ගයට අවහිර කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාවඑම අවස්තාවේ ප්‍රේක්ශකාගාරය අදහාගත නොහැකිව දෙගිඩියාවෙන් සිටි මොහොතක ඒ දෙසට හැරුණු ශිඛර් දවාන් අතින් පෙන්වූයේ ලක්මාල් නොදැවුණු ක්‍රීඩකයෙක් බවත් ප්‍රේක්ශකාගාරයට බිය වීමට අනවශ්‍ය බවත්යතවදපලමුඉනිම අවසන ප්‍රේක්ශකාගාරය දෙසට හැරී හාදුවක් පවා ලබාදීමෙන් පසුවය ශිඛර් දවාන් යලිත් විවේකාගාරය කරා ගමන් කරේ. මෙබඳු හැසිරීමක් ඉන්දීය ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු විය හැකිද? මට නම් එය අදහාගත නොහැකි කරුණක්ම විය.

කණගාටුවට කරුණ වනුයේ ශ්‍රී ලංකාව පන්දු රැකීමේ අවස්ථාව එලැඹි විටය. අප සිටි ස්ථානයේ කුසල් මෙන්ඩිස් හා උපුල් තරංග පන්දු රැක්කද ඔවුන් ප්‍රේක්ශකාගාරය දෙස එකදු බැල්මක් හෝ නොහෙලුවේය. උගුර ලේ රහ වනතුරු කෑගසමින් ඔවුන් දිරිගන්වන ප්‍රේක්ශකයන් වෙත ඔවුන් දක්වන ගරුත්වයද මේ? "මුන් එක්ක බලද්දි ශිඛර් දවාන්.

කොච්චරහොඳද යනුවෙන් මා අසල සිටි තරුණයෙක් පැවසුවේ ඔහුටත් මෙම සිතුවිල්ලම ඇතිවූ නිසා නොවේද? ප්‍රේක්ශකාගාරය ඔවුන්ගේ නම කියා ආමන්ත්‍රණය කරනා විටක වුවද එය දෙසට මොහොතක්වත් දෑස් යොමු නොකිරීමට තරම් උද්දච්ඡ පිරිසක්ද මොවුන්? කෙසේ හෝ අවසන සිදු වූයේ ඊයේ c-block එකේසිටතරඟයනැරඹූබහුතරයකගේසිත දිනාගැනීමට ශිඛර් දවාන් නම් සොඳුරු ක්‍රීඩකයා සමත් වූ බවම පමණකි.

Comments

Popular posts from this blog

கோஹ்லி மற்றும் அனுஷ்காவுக்கு அழைப்பு விடுத்த இலங்கை அமைச்சர்

‘මිනිස්සු දන්නවා මම කවුද කියලා..මම කාගෙවත් පස්සෙන් යන්නේ නෑ’..සුරංග නුවන් ගැන කියමින් මාලිංග කියපු කතාව මෙන්න…

வாஷிங்டன் சுந்தர் மூலம் இன்று வென்ற இன்திய அனி நான்கு விகட்டுகளை பெற்றுள்ளார் இவர் VIDEO