බංගලි කොටා නයි පාට් එක දැම්මේ මෙහෙමයි බලන්නකො තිසර ඒ වෙලාවේ සිංහයෙක් වගේ හිටපු හැටි video
නිදහස් කුසලාන’ තුන් කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹආර්ප්‍රේමදාසක්‍රීඩාංගණයේදීඅද10 වැනිදා)පැවැත්වූ තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට බංගලාදේශ කණ්ඩායම අද සමත්විය.
එය බංගලාදේශ කන්ඩායමයක් විස්සයි විස්ස තරග ඉතිහාසයේ හඹාගොස් ජයගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස වාර්තා අතරට එක්වූ අතර විස්සයි විස්සතරගඉතිහාසයේ සිව්වැනි හොදම හඹා යැම ලෙසද වාර්තා වියජයග‍්‍රහණය සදහා ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දු 02ක් පමණක් ඉතිරිව තිබියදි සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.
අවසන් මොහොත දක්වා සටන්කාමී ඉනිමක් දියත් කළ මුෂ්ෆිකර් රහීම් ජයග‍්‍රහණයේ නියමුවා වෙමින් නොදැවී ලකුනු 72ක් රැස් කල අතර පන්දු 35කදී වාර්තා වූ එම ඉනිම හයේ පහර 04කින් හා හතරේ පහර 05කින් වර්ණවත් විය.ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කල ආරම්භක පිතිකරු ලිතන් ඩාස් පන්දු 19කදී හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 43ක් රැස් කළ අතර තමීම් ලකුනු 47ක් රැස් කළේය.
පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් කඩුලු 02ක් දවා ගැනීමට සමත්වු අතර තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගැනිමට සමත්වියපළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 214 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ කුසල් මෙන්ඩිස් තරගය ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 30 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය. ධනුෂ්ක ගුණතිලක (26) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස්, ඉන් නොවතී කුසල් පෙරේරා 74 සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී 85 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් කිරීමට මුස්තෆිසුර් රෙහෙමාන් සමත් වූඅතර කඩුල්ල තුළට දෝලනය වූ පන්දුව පිට ඉන්නේ දැවටීමත් සමග ධනුෂ්කගේ ඉනිම නිමාවට පත්විය. දැවීයන විට පන්දු 19 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්වී තිබිණ.
ශ්‍රී ලංකා ඉනිමේ 13 වැනි ඕවරය යැවීම සඳහා පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේනායක මහමදුල්ලා එම ඕවරයේ දෙවැනි පන්දුවේදී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමා කළේ සබීර් රෙහෙමාන්ගේ සහායද ඇතිවය. ඉන් නොනැවතුන ඔහු, එම ඕවරයේ පස්වැනි පන්දුවේදී දසුන් ශානක ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි කඩුල්ලත් අහිමි කරමිනි.
පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ටවැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට අවස්ථාවක් නොලැබිණ. පිත්තේ පිටත දාරය වැදී ඉහළ ගිය ටස්කින් අහමඞ්ගේ පන්දුව මිඞ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රෙහෙමාන්ගේ දෑත් අතර සිරවන විට චන්දිමාල් ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
පන්දු 34 කදී සිය 9 වැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් පෙරෙරා, ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල බිඳ වැටීමත් සමග සිය ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය. එහෙත් මුස්තෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවකට ගැසූ පහරකින් එක තැන ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් සමත් වීමත් සමග කුසල්ට ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය. ඒ වන විට පන්දු 48 කට මුහුණදී සිටි කුසල්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කර තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමවෙන්ඔබ්බට රැගෙන යෑඹ සඳහා කුසල්ට අනගි සහායක් දුන් උපුල් තරංග පන්දු 15 කදී නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනිකුසල් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද තරංග සමත්විය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා රියාද් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය ඉන්දියාවට එරෙහිව පැවැති තරග දෙක සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් කිසිඳු වෙනස්කමකින් තොරව මෙම තරගයටද ක්‍රීඩා කරයි.

Comments
Post a Comment