ඊයේ ඉන්දියාව ගැහුවත් කුසල් මෙන්ඩිස් ගහපු සුපිරි ඉනිම මෙන්න බලන්නකො ගහන හයේ ඒවා VIDEO
ශ්රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී හයේ පහර 03ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුනු 55ක් රැුස් කල අතර උපුල්තරංග22 සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සම්බන්ධාතවක්ද පැවැත්වීමට සමත්විය.
උපුල් තරංග දැවී යාමෙන් පසු තරගය සියතට ගත් ඉන්දියානු පන්දු යවන්නන්ශ‍්‍රීලංකාවේ ප‍්‍රබල පිතිකරුවන් ඉතා ඉක්මනින් ක‍්‍රීඩා ගාරයට යැවීමට සමත්වූ අතර අවසන් මොහොතේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු කිහිපයක් එක් කිරීමට දසුන් සමත්විය.
පන්දු 16කට මුහුණ දුන් දසුන් එක් හයේ පහරක් හා එක් හතරේ පහරක් සමගින් ලකුනු19ක්රැස්කිරීමට සමත්වියඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදීද පිට පිට අර්ධ ශතක දෙකක් ලබා සිටි කුසල් පෙරේරා මෙම තරගයේදී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් විය. පා ආවරණයේ වැදුණ පන්දුව පිත්තේ ඇතුළත දාරය දිගේ ගොස් කඩුල්ල මත පතිත වීමත් සමග කුසල්ගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.
හයේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ඉනිමේපළමුකඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ වේගයෙන් ගැසූ පහරකින් මිඞ් විකට් කළාපය දෙසට ඇදී ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සුරේෂ් රයිනා සමත් වීම හේතුවෙනි.
පන්දු යැවීමේදී ශදුල් ඨාකූර් ලකුනු 27කට කඩුලු 04ක් දවා ගැනීමට සමත්වු අතර වොෂින්ටන් සුන්දර් ලකුනු 21කට කඩුලු 02ක් දවා ගැනීමට සමත්වියකාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා කර ඇති අතර එහිදී පන්දු යවන්නන් සිවුදෙනෙකුට ඕවර 4 බැගින්ද, එක් පන්දු යවන්නකුට ඕවර 3 ක්ද යැවිය හැකිය.
තරග 2 ක තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටින අතරරිෂාබ්පාන්ට් වෙනුවට මුල් පෙළ පිතිකරු ලෝකේෂ් රාහුල් ඉන්දීය කණ්ඩායමට කැඳවා සිටියි.

Comments
Post a Comment