ඊයේ තරගයේ නුවන් පන්දුවෙන් නැත්නම් ලේන්සුවෙන් හරි කඩුල්ලක් දවා ගන්න හදපු හැටි මෙන්න පාන්ඩයට මල පැනලා video
නිදහස් කුසලානතුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ 12 වැනිදා පැවැති තරගයෙන් කඩුලු 6 ක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ මනීෂ් පාණ්ඬේ (නොදැවී 42) සහදිනේෂ්කාර්තික්නොදැවී39ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ. පන්දු 31 කට මුහුණදුන් පාණ්ඬේ හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර අතර පන්දු 25කටමුහුණදුන්කාර්තික්ගේඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා (11) සහ ශිකර් ධවාන් (8) පිටියෙන් ඉවත් කළ අකිල ධනංජය තරගය කණ්ඩායම් දෙකටම විවෘත එකක් බවට පත්කළේය. එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ලොකේෂ් රාහුල් (18) සහ සුරේෂ් රයිනා (27) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි රයිනා, නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ තවත් වේගවත්පහරක්ගැසීම උත්සහා කිරීමේදී තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ලොකේෂ් රාහුල් දැවී ගියේ ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ආරක්ෂාකාරී පහරක් ගැසීමට යෑමේදී සිය පසුපස පාදය කඩුල්ලේ වැදීම හේතුවෙනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 19 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින්සිටිකුසල් යුස්වින්දර් චාහාල්ගේ පන්දුවක් හමුවේ මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටිරෝහිත්ශර්මාඉතාපහසුඋඩපන්දුවක් දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමටකුණුඅවශ්‍යමවීතිබූ අවස්ථාවකදීය.
ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්ත්වයකට මුහුණපා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගත් කුසල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග (22) සමග එක්ව පන්දු 45 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කඩුල්ල තුළටම යොමු කළ පන්දුවකින් තරංග දවාගත් විජේ ශංකර්, එම සම්බන්ධතාව නිමා කිරීමට සමත් වූ අතර දැවීයන විට තරංගගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත වී තිබිණ.
හයේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමට සිදුවූයේශර්දුල්ඨාකුර්ගේපන්දුවක්හමුවේ වේගයෙන් ගැසූ පහරකින් මිඞ් විකට් කළාපය දෙසට ඇදී ගිය පන්දුව විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සුරේෂ් රයිනා සමත් වීම හේතුවෙනි.
ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී මෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදීද පිට පිට අර්ධ ශතක දෙකක් ලබා සිටි කුසල් පෙරේරා, මෙම තරගයේදී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් විය පා ආවරණයේ වැදුණ පන්දුව පිත්තේ ඇතුළත දාරය දිගේ ගොස් කඩුල්ල මත පතිත වීමත් සමග කුසල්ගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.
මුහුණදුන් පළමු පන්දු දෙකම හයේ සීමාවට ඉහළින් යවමින් නරඹන්නන් කුල්මත් කළ තිසර පෙරේරා ලකුණු 15 කට පිටියෙන් ඉවත් කිරීමට ශර්දුල් ඨාකුර් සමත්විය දැවැන්ත පහරක් ගැසීමට ගත් උත්සාහයක් වැරදී යාම නිසා එකතැන ඉහළ ගිය පන්දුව යුස්වින්දර් චාහාල්ගේ දෑත් අතර සිරවීමත් සමග තිසරට ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවිය.
පිතිහරඹ ලැයිස්තුවේ උසස්වීමක් ලබා 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජීවන් මෙන්ඩිස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට අවස්ථාවක්නොලැබිණවොෂින්ටන් සුන්දර්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් පිටියෙන් ඉවත්වන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.
ඉනිමේ අවසන් භාගයේදී තරගයේ පාලනය සියතට ගත් ඉන්දීය වේගපන්දු යවන්නෝ ලකුණු 5 ක් තුළ කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 152 කට සීමා කළහ. එහිදී ලකුණු 5 ක් ලබා සිටි අකිල ධනංජය පිටියෙන් ඉවත් කිරීමට ජයදේව් උනාඞ්කට් සමත් වූයේ ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිවය ශ්‍රී ලංකාඉනිමේ අවසන් ඕවරය යැවූ ශර්දුල් ඨාකුර් එහි සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී දසුන් ශානක 19සහ දුෂ්මන්ත චමීර (0) දවාගත්තේ සිය කඩුලු සංඛ්‍යාව4ක් දක්වා ඉහළ දමාගනිමිනි.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 19 කට සීමා කර තිබූ අතර එහිදී පන්දු යවන්නන් සිවුදෙනෙකුට ඕවර 4 බැගින්ද, එක් පන්දු යවන්නකුට ඕවර 3 ක්ද යැවීමේ අවස්ථාව හිමිවූහ.
කෙසේ වෙතත් තරග දෙකක තහනමට ලක්ව සිටි චන්දිමාල් වෙනුවට ඊයේ තරගය සදහා ලක්මාල් යොදවා තිබු අතර දසුන් ශානක ඇතුලුව වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු සිටියදී තවත් වේගපන්දු යවන්නකු යොදවා ගැනීමට යම් විමතියට හේතුවන්නක් විය.

Comments
Post a Comment